දිනක් තුළ වැඩිම ආසාදිතයින් ඊයේ..137ක්

මැයි 27, 2020

    රටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (26) දිනයේ වාර්තා විය. ඒ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 137 දෙනෙක් හඳුනාගැනීමත් සමඟයි.

    ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිත 1319 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙක් කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිසක්. ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙක් ද වෙයි.

    Latest News