අරුණළු ව්‍යාපෘතියේ දෙවන අදියරේ අත්තිකාරම් මුදල් අප්‍රේල් 10 වැනිදාට පෙර

මාර් 31, 2020

    සහන පියවර සහ අරුණළු ව්‍යාපෘතියේ දෙවන අදියරේ අත්තිකාරම් මුදල් අප්‍රේල් 10 වැනිදාට පෙර ප්‍රතිලාභීන්ට ලබාදී අවසන් කිරීමට අපේක්‍ෂිත බව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ, සමෘද්ධි සහනාධාරලාභීන් වෙනුවෙන් මෙම අත්තිකාරම් මුදලේ ප්‍රථම අදියර මේ දිනවල ක්‍රියාත්මක බවයි.

    සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවකට මෙම සහනය හිමිවේ. ඊට වෙන්කර ඇති මුදල, රුපියල් කෝටි දෙදහසක්. එක් ප්‍රතිලාභියෙකුට රුපියල් දස දහසක් හිමිවන අතර, එය රුපියල් 5,000 බැගින් අදියර දෙකකින් ලබාදේ. මෙම මුදල් සඳහා පොලී අය කරන්නේ නැහැ. මුල් මාස 6ක සහන කාලයක් ලෙසයි, සැලකෙන්නේ. එම මුදල ගෙවීමට මාස 18ක සහන කාලයක් හිමිවේ.

    අප්‍රේල් මස විශ්‍රාම වැටුප් ලබන්නන්ට එය ලබාගැනීම සඳහා අදාළ බැංකු වෙත යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    සහන පියවර ණය යොජනා ක්‍රමය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ සහනාධාරලාභීන් 64,500ක් සඳහා රුපියල් 645,000.000ක මුදලක් ලබාදීමට පියවර ගැණින. පළමු අදියරේදී රුපියල් 5,000ක් ලබාදේ. එම ණය මුදල් සියල්ල ප්‍රතිලාභීන්ගේ නිවසටම ගෙන ගොස් ලබාදීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ක්‍රියා කරයි.

    පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධිලාභීන් 3,101ක් දෙනෙකු සඳහා ද රුපියල් 5,000 බැගින් ණය අත්තිකාරම් මුදල් පිරිනැමීම ඊයේ සිදු කෙරිණ. පාදුක්ක, ලියන්වල, පිටුම්පේ, තුම්මෝදර යන සමෘද්ධි බැංකු කලාප හතරේ සමෘද්ධිලාභීන්ටයි, මෙම ණය අත්තිකාරම් පිරිනැමුණේ. නව සමෘද්ධිලාභීන් 700ක් සඳහා අද දිනයේ අත්කිකාරම් මුදල් ලබාදීමට නියමිතයි.

    Latest News