වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදය අද

පෙබ 18, 2020

    මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අද ආරම්භ කෙරේ.

    අද සහ හෙට දෙදින තුළ විවාදය පැවැත්වීමට නියමිතයි. යෝජනාව ගෙන එන්නේ, ජනතා විමුක්ති පෙරමුණයි. මේ අතර රුපියල් බිලියන 367 කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී රජයේ මුදල් කාරක සභාවේ දී සළකා බැලීමට නියමිතයි. එම යෝජනාව, කාරක සභාව අනුමත කිරීමෙන් පසු, ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කෙරේ. ඊට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන ආර්ථික සේවා ගාස්තු සංශෝධන හා වරයා හා ගුවන්තොටුපොළ බදු සංශෝධන පනත් කෙටුම්පත් තුනක් අද දින මුදල් කාරක සභාවේ දී සාකච්ජා කිරීමට නියමිතයි. එම කෙටුම්පත කාරක සභාවේ අනුමැතියෙන් පසු ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ද අද දිනයේ රැස්වීමට නියමිතයි. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද කැඳවා තිබේ. මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාවට අදාළව මහබැංකුව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ ද අද මුදල් කාරක සභාවේ දී සාකච්ජා කෙරෙනු ඇති.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 09:18

    Latest News