දෙහිවල සත්වෝද්‍යානයේ නෙදර්ලන්ත ජගුවර් ප්‍රේමය

ජූනි 03, 2023

    සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් ජගුවර් යුවළක් නෙදර්ලන්තයෙන් මෙරටට ලැබී තිබෙනවා.

    මෙම වසරේ ජනවාරි මාසයේ නෙදර්ලන්තයේ "බෙස්ට්" සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ජූනි මස 01 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ දී මහජන ප්‍රදර්ශනයට යොමු කර තිබෙනවා.

    මෙම ජගුවර් යුවළ වෙනුවට ශ්‍රී ලංකාවෙන් දඬුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබා දී තිබෙනවා.

    මෙහිදී කලු ජගුවර් ගැහැණු සත්වයෙක්ද ශ්‍රී ලංකාවට ලැබී තිබීම විශේෂ කරුණකි. මෙම සත්වයින් සත්වෝද්‍යාන තුළ ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර සමග වයස අවුරුදු 15-20 ක කාලයක් ජීවත් වනවා.

    Latest News