විවාහ මංගල්‍යයට ආ කාඩ්බෝඩ් අමුත්තන් Image copyright DAN MACE

විවාහ මංගල්‍යයට ආ කාඩ්බෝඩ් අමුත්තන්

අප්‍රේ 12, 2020
  • අමුත්තන්ගේ තැන කාඩ්බෝඩ් අමුත්තන්ට හිමි වූ විවාහ උත්සවයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවේ.

    ඒ, කොරෝනා වෛරස තත්වය නිසා දකුණු අප්‍රිකාව සම්පූර්ණයෙන් වසා දැමීම හේතුවෙන් විවාහ මංගල උත්සව කල් දැමීමට සිදුවීම මෙයට හේතුවයි.

    අත්‍යවශ්‍ය හේතූන් හැර අනෙකුත් මහජන එක්රැස්වීම සඳහා තහනමක් මෙන්ම මධ්‍යසාර සහ සිගරට් සඳහා ද තහනමක් ද දකුණු අප්‍රිකාව මේ වන විට පනවා ඇත. පසුගිය සති අන්තයේ අමුත්තන් එක්රැස් කරගෙන තම විවාහ උත්සව කළ බවට යුවලක් අත්අඩංගුවට ද පත්වූ බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    තම පෙම්වතිය වන ගේබ්‍රියෙල් එස්ටර්හයිසෙන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට අකමැති වූ චිත්‍රපට නිෂ්පාදක ඩෑන් මේස් ඇය පුදුම කිරීම සඳහා මෙ ආකාරයේ නිර්මාණයක් සිදු කර තිබේ. ලොක්ඩවුන් තත්වය නිසා ඉතිරිවූ කාලයෙන් ප්‍රයෝජනයක් ඔහු ලබා ගැනීමට සමත්ව ඇත්තේ තම කෙප්ටවුන් හි පිහිටි තම ගෙවත්තේ මෙය සංවිධානය කරමිනුයි.

    ඔහු එම උත්සවය අන්තර්ජාලය ඔස්සේ තම හිතමිත්‍රාදීන් සමගද බෙදා ගැනීමට අමතක කර තිබුනේ නැහැ. අමෙරිකාවේ සිටින ඔහුගේ ඇතැම් මිතුරන් වීඩියෝ ඇමතුම් මගින් ඒ අවස්ථාවට එක්වූ බවද වාර්තා වෙනවා.

    විවාහ උත්සවයේ ප්‍රකාශ වූ වදන් මිස්ටර් බීන් චරිතය පදනම් කොට ගෙන නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

    විශාල උත්සවයක් පවත්වන්නේ නොමැතිනම් මෙම විවාහ උත්සවය සර්ව සම්පූර්ණ විවාහ උත්සවයක් බවයි ගේබියල් පවසන්නේ.

     

    - BBC ඇසුරෙන් -

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 20:41

    Latest News