වෙළඳසල් දෙකක් විනාශ කළ හාලි ඇළ නායයෑම

දෙසැ 15, 2023
    හාලි ඇළ නගරයේ අද දහවල් නාය යෑමක් සිදුවුවා. මෙම නාය යෑම සිදුවූයේ හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි.

    නාය යාම හේතුවෙන් එම ස්ථානයේ පවත්වාගෙන ගිය කුඩා වෙළඳ සල් දෙකකට ගල් පතිත වීම නිසා එම වෙළෙඳ සැල් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණු අතර වෙළඳසැලේ සිටි

    වෙළඳුන් දෙදෙනා එළියට පැන බේරී ඇත විශාල ගල් දෙකක් මාර්ගයටද පෙරළී ඇති අතර එම අවස්ථවේ පදික වේදිකාව තුළ කිසික් නොසිටි නිසා විශාල අනතුරක් වැලකී
    ගොස් ඇත.
    මෙම අනතුරත් සමගම නායාම අවදානමට ලක් වූ තවත්වෙළඳසැල් පහක් ඉවත් කිරීමට කටයුතු කළා. මේ වන විට හාලිඇල පොලිසිය සහ අදාළ බලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇත.

    Latest News