2024 අයවැය වැඩි ඡන්ද 41 කින් සම්මතයි

දෙසැ 13, 2023

    2024 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 41 කින් සම්මත වුනා.

    අය වැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81ක් පමණයි. මේ අතර පාර්ලිමේන්තු සේවය අත්හිටුවා සිටි මන්ත්‍රීවරුන් තිදෙනෙකුටද අයවැය අවසන් ඡන්ද විමසීමට සහභාගි වීමට අවස්ථාව සලසා තිබුණා.

    පසුගිය මස 13 වනදා අයවැය ඉදිරිපත් කළ අතර මසක් පුරා පැවති විවාදය අදින් අවසන් වුනා. යලි ජනවාරි 09 වනදා පාර්ලිමේනුත්ව රැස් වීමට නියමිතයි.

    Latest News