ලෝක බැංකුවෙන් ඩො.මි. 200ක්

ජූලි 25, 2023

    මෙරට සමාජ ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. 

    ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා  මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වුණා.    

    ඒ අනුව, අස්වැසුම නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයට සහය වීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 185 ක් හිමි වනු ඇති.  එමෙන්ම, තෝරාගනු ලබන ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7 ක්ද ලැබීමට නියමිතයි.

    තවත් අමෙරිකානු ඩොලර් මිලියන 8 ක් පිරිනැමෙන්නේ,  සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහායි.   

    Latest News