එළුවන් 70,000ක් නොමිලේ බෙදයි

අප්‍රේ 16, 2023

    මෙම වසර තුළ එළුවන් හැත්තෑ දහසක්, එළු පාලනයට කැමති තරුණ ප්ර ජාවට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන එකසිය පනහක්.

    රට තුළ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවන නිසා, ඒ ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කෙරෙනවා. එළු සම් ලබා ගැනීම හා පොහොර නිෂ්පාදනය මගින් ද ඉහළ ආදායමක් ලබා ගත හැකියි.

    මෙය සැලකිල්ලට ගනිමින්, මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය අංශයේ රැකියා නොමැති සහ එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතර එළුවන් බෙදා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

    උසස් තත්වයේ එළුවන් ලබා දීම හා එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිලදී ගැනීම සඳහා පුද්ගලික අංශයේ සහයෝගය ලබා දීමටත් නියමිතයි.

    2024 වර්ෂයේදී, ලබා දෙන ‍එළුවන් ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති. එළු පාලනය සඳහා ඉඩ ක‍ඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News