රත්තරං තිත්තයි රත්තරං

නොවැ 13, 2022

    රත්තරන් මිලෙහි මේ කාලේ වැඩි වීමක් දක්නට තිබෙනවා.

    බුදුන් වහන්සේගේ උපත වූ සමයේ පවා රත්‍රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය කරමිනි.

    දිදුලන ගතියෙන් යුක්ත වීම රන් ලෝහයේ ස්වභාවය වේ. ස්වර්ණාභරණ නිපදවීම සඳහා මේ ගුණය හොඳින් ගැළපේ. රන් වන් පාටින් දිදුලන මාලයක් , ඔටුන්නක් , පළදින්නට අකමැති කව්ද ? මේ නිසා පුරාණයේ සිටම රන් ලෝහයට මනුෂ්‍ය ආකර්ෂණය ( ඉල්ලුම ) නොඅඩුව ලැබිණි. මිසරයේ රජ දරුවන් අතර විශාලතම සහ පැරණිතම රන් ගබඩා තිබී ඇති බවට සාධක පිරමීඩ කැණීම්වලින් සොයා ගෙන ඇත. ඒ පවුම් 100යය 200 යෙන් නොව කිලෝ ගණනිනි.

    කැරට් 24 රන් යනු 100.00% ක් රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. වාණිජමය වශයෙන් 99.98% අගය පිළිගන්නවා. කැරට් 24 රන් බිස්කට් එකක් කටින් හැපුවොත් දත් පාර හිටිනවා, බිසක්ට් එකේ. ඒ තරම් මෙළෙක් පිරිසිදු රත්‍රන්. කැරට් 22 රන් යනු 91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. මේක කටින් හපන්න බැහැ තදයි.

    රත්තරන් මිලෙහි මේ කාලේ වැඩි වීමක් දක්නට තිබෙනවා. වැඩිවෙන ප්‍රතිශතය අඩුවෙන ප්‍රතිශතයත් එක්ක බලද්දී ඉතා ඉහල අගයක්. පසුගිය සතියේ ලෝක රන්මිල ඩොලර් 40 කින් පමන ඉහල ගිහින් තියනවා. මීට සාපේක්ෂව මෙරට රන්මිලත් ඉහලයාමට නියමිතයි.

    2023 අවුරුද්දත් රත්තරන් සදහා සුභ නොවන මන්දගාමී එකක් වනු ඇතැයි ආර් ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. කෙලිකාලීනව මිලෙහි උච්චාවචන උදුවුවත් රත්තරන් මිල දීර් ඝකාලීනව අනිවාර් යෙන් ඉහල යනවා.

    මෙම මස මුල කැරට් 22 රු.154,400/-ක් වූ රන් පවුමක මිල අද වන විට රු.164,950/- ක් වනවා. ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 20,620 කටත් කැරට් 24 ග්‍රෑම් 8ක් රු. 179,900 කටත් මිළදී ගත හැකියි.

     

    Latest News