සමාව දීම ලෝකයේ සුවය සඳහා වැදගත්ම දායකත්වයයි

ඔක් 22, 2023

    ‍ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වෙත සිය ප්‍රහාර, තවදුරටත් වේගවත් කර ‍තිබෙනවා.

    එරට බලධාරීන් පවසන්නේ, තම හමුදාව විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ “ජෙනින්” සරණාගත කඳවුරෙහි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ද ප්‍රහාර එල්ල කළ බවයි.

    ගාසා තීරය වෙත සිය ප්‍රහාර තවදුරටත් වේගවත් කරන බැවින්, එහි උතුරු ප්‍රදේශයේ තවමත් රැඳී සිටින පලස්තීන ජනතාවට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට පලා යන ලෙසට ඊශ්‍රායල හමුදාව යළි දැනුම් දී තිබෙනවා. පලස්තීන බලධාරීන් පවසන්නේ, බටහිර ඉවුරේ ‍”ජෙනින්” සරණාගත කඳවුරෙහි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින්, සිය වෛද්‍යවරයෙකු මියගොස් ඇති බවයි. ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, හමාස් සංවිධානය ජෙනින් සරණාගත කඳවුරේ පිහිටි “අල් - අන්සාර්” මුස්ලිම් දේවස්ථානය, ඊශ්‍රායලය වෙත ‍ප්‍රහාර සැලසුම් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බවයි.

    සිය ප්‍රහාරයෙන් එහි සිටි හමාස් සහ ඉස්ලාමීය “ජිහාඩ්” සංවිධාන සාමාජිකයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවද, ඊශ්‍රායල හමුදාව පවසනවා. මේ අතර ඊශ්‍රායල හමුදා භටයින් බටහිර ඉවුරේ පිහිටි “නූර් ෂම්ස්” සරණාගත කඳවුරෙහි සිදුකළ මෙහෙයුමක් අතරතුරදී පුද්ගලයන් 13 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.

    ඒ අතර දරුවන් පස් දෙනෙකු ද සිටින බව සඳහන්. හමාස් සංවිධානය මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලින්, ඊශ්‍රායල ජාතිකයන් 1,400 කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායල හමුදාව සිදුකළ ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් හාරදහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. නවතම යුද ගැටුම් හමුවේ, ගාසා තීරයේ උද්ගතව ඇත්තේ දැඩි ව්‍යවසනකාරී තත්වයක්. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන දෙපාර්ශවයෙන්ම නැවතත් ඉල්ලා සිටින්නේ, සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

    Last modified on ඉරිදා, 22 ඔක්තෝබර් 2023 11:30

    Latest News