IMF, පකිස්ථානයට අ. ඩොලර් බිලියන 3ක් දෙයි

ජූලි 13, 2023

    ‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය ආධාර ලබා දීම සඳහා අනුමැතිය පළ කොට තිබෙනවා.

    ඊයේ දිනයේ අනුමැතිය හිමි වීමත් සමග ඉදිරියේ දී කොටස් වශයෙන් එම ණය මුදල ඔවුන්ට හිමි වීමට නියමිතයි.

    මේ අනුව, අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක මුදලක් පළමුව පකිස්ථානයට හිමි වන අතර, ඉතිරි මුදල ඉදිරි මාස 9 ක කාලය තුළ කොටස් වශයෙන් හිමි වීමට නියමිතයි. දරුණු මුල්‍ය අර්බුද රැසකට මුහුණපාමින් ආර්ථික කඩාවැටීමකට ලක්ව සි‍ටින පකිස්ථානයට මෙම ණය මුදල ඉතා සහනදායි අවස්ථාවක් වනු ඇතැයි, ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මෙම ණය මුදල හිමි වීම ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට දරන උත්සහයේ ඉදිරි පියවරක් ලෙස අග්‍රාමාත්‍ය ‍ෂෙහ්බාස් ෂෙරීෆ් ප්‍රකාශ කර සිටිනවා. ඉකුත් දා සෞදි ආරාබියෙන් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ද ඩොලර් බිලියන 2 ක මුදල් ආධාර ඔවුන්ට හිමි වුණා.

    Latest News