යුරෝපයට වාර්තාගත උෂ්ණත්වයක්

ජූලි 13, 2023

    දකුණු දිග යුරෝපා කලාපය තුළ ඉදිරි දින කිහිපයේ වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මේ වන විටත්, යුරෝපයේ ඇතැම් ප්‍රදේශ හා බටහිර අප්‍රිකාවේ ප්‍රදේශ රැසක් හරහා උණුසුම් සුළං ධාරා හමා යමින් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.

    ස්පාඤ්ඤය, ප්‍රංශය, ග්‍රීසිය, ක්‍රොඒෂියාව සහ තුර්කිය යන රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා. ඉතාලියේ පමණක් සෙල්සියස් අංශක 48.8 ක උෂ්ණත්වයක් අපේක්‍ෂා කෙරෙනවා. ෆ්ලොරන්ස් සහ රෝමය ඇතුළු නගර 10 කට රතු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනවා. යුරෝපා කලාපයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය 2021 වසරේ දී ඉතාලියේ - සිසිලි දූපතෙන් වාර්තා වුණා. එය සෙල්සියස් අංශක 48.8 ක්. අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 60,000 කට අධික පිරිසක් පසුගිය වසර තුළ මිය ගිය අතර, මේ වසරේ දී එම අගය තවත් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News