යාත්‍රාවක් ගිලීයාමෙන් තවත් සංක්‍රමණිකයන් 30ක් මරුට  

ජූනි 23, 2023

    කැනරි දූපත්වලට ඔබ්බෙන් අත්ලන්තික් සාගරයේදී යාත්‍රා ගිලීයාමෙන්, සංක්‍රමණිකයන් 30 කට අධික පිරිසක් මියගොස් ඇති බවට, බලධාරීන් අනුමාන කරනවා.

    අනතුර වන අවස්ථාවේ  යාත්‍රාවේ 60 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ, මුදාගැනීමේ කණ්ඩායම් දරුවෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගත් බවයි.  එම යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 24 දෙනෙකු, බේරා ගැනීමට හැකි වූ බවද ඔවුන් සඳහන් කරනවා. මෙම යාත්‍රාව ඉකුත් බදාදා අනතුරට ලක්ව ඇත්තේ ‘’ග්‍රාන් කැනරියා” දූපතට  ගිනිකොන දෙසින් කිලෝ මීටර 160 ක පමණ දුරකින් වූ මුහුදු ප්‍රදේශයේදී. අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මකයි.

    Latest News