ඔක්සිජන් අවසන්, ඉරණම කුමක්ද ? 

ජූනි 22, 2023

    උතුරු අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ සබ්මැරීනයේ ගමන්කල 05 දෙනාගේ ජීවිතආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

    ඒ, යානයේ තිබූ ඔක්සිජන් අද පස්වරුවේ අවසන්වූ බව ගණන් බලා තිබීමත් සමගයි. ඉකුත් ඉරිදා අතුරුදන්වූ ටයිටන් සබ්මැරින් යාත්‍රාව සහ එහි ගමන්කළ කෝටිපතියන් තිදෙනා ඇතුලු 05 දෙනා බේරාගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් තවමත් නවතා නැති බවයි ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ.

    යානයේ ඔක්සිජන් ප්‍රමාණවත් වූයේ පැය 96ක් සඳහා පමණක් බව සබ්මැරීනය අයිති ඕෂන් ගේට් සමාගම ප්‍රකාශ කර තිබුණා. ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක විය හැකි පහසුකම් සහිත රොබෝ යන්ත්‍ර 02ක් යොදවා තිබෙනවා.

    ඊයේ දිනයේ මුහුදු පත්ලෙන් ඇසුණු හඬ සබ්මැරීනයේ සිටින පුද්ගලයන් නිකුත් කළ බවට අනුමාන කෙරුණත් එම ශබ්ධය නැගුණු ස්ථානය කුමක්දැයි මේ දක්වා හඳුනාගැනීමට හැකිවී නැහැ. යානය සොයාගැනීම හා එහි ගමන්කළ අය බේරාගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවයි සහන සේවකයන් ප්‍රකාශ කරන්නේ.

    Latest News