තලේබාන්වරු, ISIS නායකයෙකු ඝාතනය කරයි

අප්‍රේ 26, 2023

    ඇෆ්ගනිස්තානයේ පාලන බලය හිමි තලේබාන්වරුන්, අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු ඝාතනය කර තිබෙනවා.


    ඔහු, 2021 වසරේ කාබුල් ගුවන් තොටු‍පොළට මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස සිටින ප්‍රධානියා බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    2021 දී කාබුල් ගුවන්තොටුපොළට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170 දෙනෙකු සහ අමෙරිකානු සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගියා. තලේබාන් සංවිධානය, ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග රටින් පලා යාමට බොහෝ පිරිසක් උත්සහ කරමින් සිටි අවස්ථාවේදී එම ප්‍රහාරය එල්ල කෙරුණා. මෙම අයි එස් ප්‍රධානියා, සති කිහිපයකට පෙර මරාදැමූ බවත්, එය, තහවුරු කිරීමට කාලය ගත වූ බවත්, අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. එහෙත්, අදාළ අයි එස් ප්‍රධානියාගේ නම මෙතෙක් හෙළි වී නැහැ.

    Latest News