රාත්‍රී සමාජ ශාලාවේ ගින්නකින් 13ක් මරුට...

නොවැ 06, 2022

    රුසියාවේ “කෝස්ට්රොනමා” නගරයේ රාත්‍රී සමාජ ශාලවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    රුසියාවේ මොස්කව් අගනුවරට ඊ‍සාන දෙසින් පිහිටි “කෝස්ට්රොමමා” නගරයේ රාත්‍රී සමාජ ශාලාවේ ගින්න හට ගෙන ඇත්තේ, එරට වේලාවෙන් අළුයම 2.00 ටයි. එහි සිටි බීමත් පුද්ගලයෙකු, සිදු කළ වෙඩි තැබීමකින් ගින්න හට ගෙන ඇති බවටයි, එරට බලධාරින් සැක පළ කරන්නේ.

    මේ අතර, රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ සමාජ ශාලාවේ විදුලි පහන් දැල්වීමේ ප්‍රධාන යන්ත්‍රයට ගිනි ඇවිලීමෙන් ගින්න හටගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. 23 හැවිරිදි පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එය සිදු කළ බවට පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හට ගන්නා අවස්ථාවේදී සමාජ ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිතව වාර්තා නොවු බව හදිසි සේවා අංශ පවසනවා. කෙසේ වෙතත් පුද්ගලයින් 250 දෙනෙකු නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට හැකි වූ බව ඔවුන් සඳහන් කරනවා.

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 18:48

    Latest News