පුපුරා ගිය Nord Stream 1 නලය රූගත කරයි

ඔක් 19, 2022

    Nord Stream 1 ගෑස් නල මාර් ගයේ පිපිරීම වූ ස්ථානය රූ ගත කර තිබෙනවා.

    රුසියාවේ සිට යුරෝපයට සැපයෙන “නෝඩ් ස්ට්‍රීම් වන්” ගෑස් නල මාර් ගයේ ඇති වූ පිපිරීම හේතුවෙන් එම නල මාර්ගයේ මීටර් 50 ක් පමණ විනාශ වී ඇති බව, ස්වීඩනයේ එක්ස්ප්‍රෙසන් පුවත්පත පවසනවා. නෝර් වේඡියානු රොබෝ සමාගමක් විසින් රූගත කරන ලද වීඩියෝවක් පළ කරමින් ස්වීඩනයේ එක්ස්ප්‍රෙසන් පුවත් පත පවසන්නේ, “නෝඩ් ස්ට්‍රීම් වන්” ගෑස් නල මාර් ගයේ දැවැන්ත හානියක් පෙන්නුම් කරන බවයි. මෙම පිපිරීමෙන් “නෝඩ් ස්ට්‍රීම් වන්” සහ එයට යාබදව ඇති “නෝට් ස්ට්‍රීම් ටූ” නලයේ සිදුරු 4 ක් ඇති වී තිබෙන බව, අනාවරණය වී ඇතැයි, ඩෙන්මාක් පොලිසිය පවසනවා.

    කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් පවතින සැකය තවමත් අනාවරණය වී නොමැති අතර, රුසියාව සහ බටහිර රටවල් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා. මෙම ගෑස් නල මාර් ගයේ පිපිරීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් 26 වැනි දින සිට ගෑස් බෙදාහැරීම රුසියානු රාජ්‍ය ගෑස් සමාගම විසින් අත්හිටුවනු ලැබුවා. බ්ලූ අයි රොබටික්ස් සමාගම විසින් මුහුදේ මතුපිටට යටින් මීටර 80 ක් දුරින් “නෝඩ් ස්ට්‍රීම් වන්” ගෑස් නල මාර් ගයේ පිපිරීම වූ ස්ථානය රූ ගත කිරීම සඳහා ගිල්විය හැකි ඩ්‍රෝන යානයක් භාවිතා කර තිබෙනවා. නල මාර් ගයේ කොටසක් අතුරුදහන් වී හෝ මුහුදු පතුලේ වැලලී ඇති බවට එම සමාගම වැඩිදුරටත් පවසනවා.

     

     

    Last modified on බදාදා, 19 ඔක්තෝබර් 2022 19:47

    Latest News