ස්වීඩනයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්

අගෝ 20, 2022

    ස්වීඩනයේ සාප්පු සංකිර්ණයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින්, පුද්ගලයෙකු ‍මිය ගොස් කාන්තාවක රෝහල් ගත කර ඇති බව එරට පොලිසිය පවසනවා.  

    ස්වීඩනයේ දකුණු දිග මැල්මෝ නගරයේ "එම්පෝරියා" සාප්පු සංකීණයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි හඬ ඇසිමත් සමග බියට පත් වූ ජනතාව එම සංකීර්ණයෙන් පලා ගිය බව ස්විඩනයේ මාධ්‍ය වර්තා කරනවා.

    එරට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීම කල්ලි කිහිපයක් අතර ඇති අරවුලක් හේතුවෙන් සිදුවූ බවට අනුමාන කෙරෙනවා.

    ස්වීඩනය යුරෝපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව වෙඩි තැබීම්වලින් සිදුවන ඝාතන ඉහළ ගොස් ඇති රටක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රධාන නගරවලින් බැහැරව ද එය මේ වසරේ ව්‍යාප්ත වී ඇති අතර කල්ලි අතර ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බව එරට බලධාරින් පවසනවා. දුප්පත් පොහොසත් පරතරය ඉහළයෑම, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ අගයක් ගැනීම, වැනි කරුණු  මීට මූලික හේතුව බවයි, එරට පොලිසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:21

    Latest News