ඉන්දියානු දේශපාලනය අලුත් කළ නව ජනපති

ජූලි 22, 2022

    ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ද්‍රෞපදි මුර්මු මහත්මිය තේරී පත්වුණා.

    පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයා වන 64 හැවිරිදි ඇය ඔඩිෂා ප්‍රාන්තයෙන් පැමිණ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු ලෙස ද කටයුතු කළ හිටපු ගුරුවරියක් වනවා.

    මුර්මු, ඉන්දීය ජනාධිපති ධුරයට පත් පළමු ගෝත්‍රික නායිකාව ලෙස ඉතිහාස ගත වනවා.

    මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රවීණ දේශපාලනඥයෙකු වන යෂ්වන්ත් සිංහායි.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි (ලෝක් සභා සහ රාජ්‍ය සභා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාන්ත සභා සහ මධ්‍යම ආණ්ඩුවේ පාලනය සහිත ව්‍යවස්ථාදායක සභා (දිල්ලි සහ පුදුචෙරි) සාමාජිකයන්ගේ ඡන්දයෙන් ඉන්දීය ජනාධිපතිවරයා තෝරා ගනු ලබනවා.

    Latest News