නයිජීරියාවේ ට්විටර් තහනම ඉවතට

ජන 13, 2022

    නයීජීරියාව තුළ පනවා තිබු ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් පසුගිය ජුනි මස සිට ආරම්භ කෙරුණු අතර මාස 07ක කාලයක් ක්‍රියාත්මක විය. 

    ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නයිජීරියානු රජය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

    නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබීය.

    Latest News