අමෙරිකාවේ දෛනික මරණ 500 සීමාවට

ජූනි 03, 2021

    කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 37 ලක්ෂ 6,000 ඉක්මවා ගොස් තිබේ.

    ගතවූ පැය 24 තුළ කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය වශයෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10,952ක්.

    ගෝලීය වශයෙන් ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති අමෙරිකාවේ, අද වන විට ද දෛනිකව 500කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් මිය යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    පසුගිය ජනවාරි මස වන විට 4,000 ඉක්මවූ දෛනික මරණ වාර්තා වූ අමෙරිකාව තුළ මේ වන විට එය 500ක් වැනි අගයකට පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව සිටියි.

    වැඩිම මරණ වාර්තා වී තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්. එම ප්‍රාන්තයේ පමණක් 63,000කට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් තිබේ.

    සමස්ත අමෙරිකාව තුළ මේ වන විට 6 ලක්ෂ 11,000කට වැඩි පුද්ගලයන් පිරිසක් කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 11:41

    Latest News