සංගීත සැණකෙළියට සිරවූ‍ ප්‍රේක්ෂකයින්

සැප් 04, 2023

    ‍අමෙරිකාවේ "නෙවාඩා" ප්‍රාන්තයේ පැවති සංගීත සැණකෙළියකට සහභාගී වූ පිරිසක්, හදිසියේ ඇති වූ වර්ෂපතනයක් හේතුවෙන් සිරවී සිටින බව, වාර්තා වනවා.

    "නෙවාඩා" හි බ්ලැක් රොක් කාන්තාරයේ පැවති "බර්නින් මෑන්" නම් සංගීත සැණකෙළියට 70,000 කට අධික ජනතාවක් සහභාගී වුණා. ඊ‍යේ දිනයේ හදිසියේ ඇඳ හැලුණු වර්ෂාවත් සමග එම භූමිය වෙත ගමන් කරන මාර්ග සියල්ල මඩින් වැසී තිබීම හේතුවෙන්, ගමනා ගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා. මේ හේතුවත් සමග එහි රැඳී සිටින පිරිසට ඉන් පිටව යාමට දින කිහිපයක් ගත වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර, ප්‍රසංගයට සහභාගී වූ පුද්ගලයෙකු මිය ගිය අතර, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා. තමන් සතු ආහාර හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සංවිධායක මණ්ඩලය එහි රැඳී සිටින පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News