වෙනිසියුලාවේ නායයාමෙන් මියගිය පිරිස 36 දක්වා ඉහළට

ඔක් 11, 2022

    වෙනිසියුලාවේ නායයාමෙන් මියගිය පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 56 දෙනෙකු අතුරුදන් බවයි, බලධාරීන් පවසන්නේ.

    විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  ක්‍රියාත්මකයි. දහසකට අධික පිරිසක් එම කටයුතු සඳහා යොදවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ එරට දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එරට අගනුවරට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි ලාස් ටෙහෙරියාස් නගරයේ මෙම නායයාම හට ගෙන තිබෙනවා.

    එම ප්‍රදේශයට බලපෑ දරුණු වැසි මීට හේතුවයි. වෙනිසියුලාවට උතුරු දෙසින් හමාගිය ජූලියා සුළිකුණාටුව හේතුවෙන් ධාරාණිපාත වැසි හට ගත් බවයි, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.

                 

    Latest News