ගංවතුරෙන් වෙනිසියුලාවේ 16ක් මරුට

අගෝ 26, 2021

    බටහිර වෙනිසියුලාවේ මෙරිඩා ප්‍රාන්තයට බලපෑ හදිසි ජල ගැලීම් තත්වයක් හේතුවෙන් 16 දෙනෙක් මියගොස් තිබේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරයි.

    දැනට සොයාගත් තොරතුරු අනූව ගංවතුර ගැලීම් හා නාය අනතුරු හේතුවෙන්, පුද්ගලයන් 17 දෙනෙක් අතුරුදන් වී තිබේ. ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතර ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

    මේ සඳහා 1,200කට වැඩි ගලවා ගැනීමේ භට පිරිසක් යොදවා ඇතැයි,රාජ්‍ය නිලධාරීන් පවසයි. ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර හා දුරකථන සම්බන්ධතා සඳහා භාවිත වන තාක්ෂණික උපකරණ විනාශයට පත්ව තිබේ.

    ආපදාවට පත් ප්‍රදේශවට උපකාර කිරීමට,ප්‍රාන්තයේ හෝ නාගරික ආණ්ඩුවල සම්පත් නොමැතිකම නිසා ජනතාව අසරණ තත්වයට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙම ප්‍රදේශය රට තුළ ආහාර අවශ්‍යතාව සපුරන කෘෂිකාර්මික ප්‍රදේශයක් බැවින්, විශාල ප්‍රමාණයක ඉඩම් දැනටමත් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 අගෝස්තු 2021 11:27

    Latest News