වෙනිසියුලාව 210 වැනි නිදහස් දිනයත් සමරයි

ජූලි 06, 2021

    වෙනිසියුලාව ඊයේ තම 210 වැනි නිදහස් දින උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

    1811 වසරේ අද වැනි දිනක දි ඔවුන් ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගෙන ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරනු ලැබීය. නිදහස් දින ප්‍රධාන උත්සවය පැවැත්වුණේ, වෙනිසියුලාවේ කරකාස් අගනුවර දී.

    එහිදී ජාතිය අමතමින් ජනාධිපති නිකොලස් මධුරෝ සඳහන් කර සිටියේ, වෙනිසියුලාව යළිත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන බවයි. වෙනිසියුලාව මේ වන විට දැඩි ආර්ථික සම්බාධක හේතුවෙන් විශාල ආර්ථික සහ සමාජමය ගැටලුවකට මුහුණ දී සිටියි.

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 12:08

    Latest News