පුටින්, එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලයි

මැයි 20, 2020

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලා ඇති බව, වාර්තා වෙයි.

    ඒ රට තුළ කොරෝනා වෛරස ආසාධිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. මේ වන විට අමෙරිකාවට පසු ලොව වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, රුසියාවයි. එරටින් රෝගීන් දෙලක්ෂ අනූනව දහස් නවසිය හතළිස් එක් දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ දෙදහස් අටසිය තිස් හතක් සිදුව තිබේ. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් නවදහස් දෙසිය හැටතුන් දෙනෙකු සොයා ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    රෝගීන් වැඩිවීමත් සමග වෛරස ආසාදිතයන් සඳහා ශ්වසන ආබාධ වළක්වාලීමේ උපකරණ 200ක් රුසියාවට ලබාදීමට අමෙරිකානු ජනාධිපතිවරයා එකඟ වී තිබේ. අද එම යන්ත්‍රවලින් 50ක් යැවීමට නියමිතයි.

    Last modified on බදාදා, 20 මැයි 2020 12:12

    Latest News