අමෙරිකාවේ කොරෝනා මරණ 93,533ක්

මැයි 20, 2020

    තම රට තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූයේ, පරීක්ෂණවල සාර්ථකත්වය නිසා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනූව ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, අමෙරිකාවෙන්. අද වන විට එම පිරිස 15 ලක්ෂ 70,583ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 93,533ක් ලෙසයි.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත වෛරස ආසාදිත පුද්ගලයන් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. රථ වාහන තුළ සහ ගෙයින් ගෙට ගොස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි. රථ වාහන තුළ සහ ගෙයින් ගෙට ගොස් පරීක්ෂණ මෙන්ම,ආයතනික වශයෙන් කෙරෙන පරීක්ෂණ නිසා ආසාදිතයන් සොයා ගැනීමේ වේගය මේ වන විට වැඩිකර තිබේ.

    Last modified on බදාදා, 20 මැයි 2020 12:00

    Latest News