දිල්ලි මැතිවරණ ජයග්‍රහණය අරවින්ද් කෙජ්රිවාල්ට

පෙබ 12, 2020

    ඉන්දියාවේ දිල්ලි එක්සත් පරිපාලන ඒකකයේ පැවති මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සමත්ව තිබේ.

    එම මැතිවරණය වාර කිහිපයක සිට ජයග්‍රහණය කළේ ඔහුගේ නායකත්වයෙන් යුතු ආම් ආද්මී හෙවත් පොදු මිනිසා පක්ෂයයි. මෙම පරිපාලන ඒකකය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකයි.

    අරවින්ද් කෙජ්රිවාල් ආම් ආද්මී පක්ෂයේ නායකයා ලෙසයි ක්‍රියා කරන්නේ. එම පක්ෂය සඳහා ආසන 63ක් දිනා ගැනීමට අවශ්‍ය කටයුතු සලස්වා තිබිණ. දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වුණේ, ඉකුත් සෙනසුරාදා. ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරිණ. අරවින්ද් කෙජ්රිවාල් ඔහුගේ ආම් ආද්මී පක්ෂයෙන් දිල්ලි ප්‍රාන්ත සභාවේ බලය මීට පෙර අත්පත් කර ගත්තේ, 2015 වසරේ දී පැවති මැතිවරණයෙන්. මෙරට බලයට පැමිණි අවස්ථාවේ දී ඔහු දුෂණතුරන් කිරීමේ අරමුණ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 11:14

    Latest News