ඉන්දීය කණ්ඩායමේ තීරණාත්මක තරගය අද

සැප් 06, 2022

    ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ඉන්දීය කණ්ඩායම අද තීරණාත්මක තරගයකට පිවිසෙනවා.  ඒ, ශ්‍රී ලංකාවට එරෙහිවයි.  ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.30 ට.

    තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාගණයේදී පැවැත්වෙනවා.  ශ්‍රී ලංකාවත්-ඉන්දියාවත් මෙම ක්‍රීඩාංගණයේදී 20-20 තරගයක් සඳහා සහභාගි වන්නේ, පළමු වරටයි. 

    මෙතෙක් ඉතිහාසයේ දෙරට අතර, 20-20 චතරග 25 ක් පවත්වා තිබෙනවා.  ඉන් 17 ක් ඉන්දියාවත්, තරග 7 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා.  මෙවර තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකාව අනතුරුව මූලික වටයේ දෙවැනි තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් සුපිරි කණ්ඩායම් 4 අතරට පිවිසියා.  ඔවුන් එම වටයේ පළමු තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාය කළා.  

    ප්‍රතිවාදී ඉන්දියාව මූලික වටයේදී පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුණා.    ඔවුන් සුපිරි කණ්ඩායම් 4 වටයේ පළමු තරගයේදී පාකිස්ථානය හමුවේ පරාජය වුණා.  අද තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුවහොත් ඉන්දියාවට තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලා‍පොරොත්තු අහිමි වනවා. 

    මේ අතර, අද ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හිමි වුවහොත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ වැඩි අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

    Latest News