රග්බි තරගාවලියේ පළමු ජය මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයට....

ජූනි 26, 2022

    අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගයෙන් ජය හිමිකර ගැනීමට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්වුණා.

    එම කණ්ඩායම තරග වැඳුණේ, මහනුවර කිංස්වුඩ් කණ්ඩායම සමඟයි. අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පැවැත්වෙන්නේ වසර 2කට පසුවයි. පළමු තරගය පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය දක්‍ෂ ලෙස ක්‍රීඩා කළා. ඔවුන් නියමිත කාලය අවසන් වනවිට රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. ප්‍රතිවාදී කණ්ඩායමට රැස් කළ හැකි වූයේ, ලකුණු 3ක් පමණයි. ඒ අනුව, ශාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තා.

    Latest News