කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය සමග විදෙස්ගත ශ්‍රමිකයන් මව්රට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රජය, ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්තාව ගොවි ජනතාවට උදාවී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ දී අද සහභාගී විය. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව එම ජනහමුව සංවිධාන කර තිබුණේ, අනුරාධපුර,ඊරියගම,වැවඅසබඩ නිදහස් උයන ප්‍රදේශයේදී.

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි.

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා කියා සිටී.

වසර 2018 සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමේ ලාභ පෙන්වීමට එහි සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) වසරක කාලයක් ලබාදුන්නේ ය.

ලෝකයේ සියලුම රටවල් කොවිඩ්19 උවදුරින් දැඩි ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රටේ සාධණීය ජයග්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති තුමා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

Latest News