මෑතකදී හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් හත් දෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති දෙක තුළ අධිකරණය හමුවේ ගොනු කරන බව, නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණය මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

සිය පාරම්පරික නිජබිම් හෙළි කොට බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදී වාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද කාන්තා හා ළමා කාර්යාංශයේ නියෝග කළාය.

බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින එම සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ශාන්  ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු වන රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අද (06) සිට ලබන 14 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංහිඳියාවට හානි වන ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

විශ්වවිද්‍යා‍ෙවලට සිසුන් ඇතුලත් කරගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Latest News