විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසළ සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමනේ, මං මාවත් කීපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ  විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළා යාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසළ සිදුවන උද්ඝෝෂණ ක්‍රියාවලිය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විශ්‍රාමික වෛද්‍ය  ෂර්ලි හේරත් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.  

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටි එම දේවස්ථානයේ සේවකයෙකු වන සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නැමැත්තා මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Latest News