අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක්කටා නමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඉවත් නොකරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන ලෙස ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස් කර ගත්තා.
වතමන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා, ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.