අද පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනා දේශපාලන න්‍යාය පත්‍රයක්

නොවැ 30, 2018

    විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද අවධාරණය කළේය.

    “අද සම්මත කරගත් යෝජනවාත්, ඊයේ සම්මත කරගත් යෝජනාවත්, අපි ප්‍රතික්ෂේප කරනවා. කතානායක මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක්. එක එක්කෙනාට අවශ්‍ය විදියට මුදල් පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවට ගේන්න බැහැ. මුදල් පිළිබඳ යෝජනා ගෙන එන්න පුළුවන් මුදල් ඇමතිට පමණයි. රටේ ලොකු ව්‍යාකූලතාවක් ඇති කරන්න නිලධාරීන්ට බලපෑම් කරන්න තමයි මෙම යෝජනා සම්මත කරගෙන තියෙන්නේ. අපි කැමති නැහැ නීතිය කඩන්න. නමුත්, මේ යෝජනා සම්මත කරපු උදවිය රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා උත්සාහ කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න“. 

     


    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 20:38

    Latest News