පැණි බීම මිල පහළට

නොවැ 30, 2018

    දේශීය ආයෝජන ප්‍රවර්ධනය, ගැටලුවකින් තොරව යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේ, පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමිකරුවන් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ජාවකදී. පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේදී භාවිත කරන සීනි සඳහා වන බද්ද අඩු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නා.

    ඒ අනුව, කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 6 දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 9 දක්වා ද බද්දෙන් නිදහස් කෙරෙනු ඇති. පලතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් දෙනු ලැබුවා. නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කළේ ඒ අනුව වෙළෙඳ පොළේ පැණි බීම මිල සියයට 30කින් අඩු කිරීමට හැකි වන බවයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයා ලෙස ලබාදුන් මෙම උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය අදාළ සහනය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැණි බීම නිෂ්පාදනයට හා බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන කුඩා ව්‍යාපාරිකයන්ට සහන සැළසෙන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සාකච්ජාවට එක්ව සිටියා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News