ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව භේදභින්න කිරීමට කටයුතු කරනවා; නීතිඥ ජනක එදිරිසිංහ

නොවැ 12, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව භේදභින්න කිරීමට කටයුතු කරමින් සිටින බවට, “නිදහසේ හෙටක්“ ව්‍යාපාරය චෝදනා කරනවා.

    නීතිඥ ජනක එදිරිසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ ජනක එදිරිසිංහ මහතා...


    “විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කිහිප දෙනෙක් සහ විශ්ව විද්‍යාල නොවන කිහිප දෙනෙක් එකතුව අණබෙරයක් ගසමින් ඒ ගම්වල අහිංසක මනුෂ්‍යයන්ට තොරතුරක් ලබාදෙනවා. එහි තියෙනවා ගෝඨා මොකටද කියලා. නගරාසන්න ජනතාවට සියලු ආගමිකයින්, සියලු ජාතීන් එකට එක්ව සිටිය හැකි බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ප්‍රකාශ කරලා ඒ ඡන්ද පොකුර ඩැහැ ගන්නා අතරේ අණබෙරයෙන් ගැමියන්ට කියනවා මේ රට මුස්ලිම්වරු අල්ල ගන්න යන්නේ බෝධිය කපන අත් ශන්කිමත් නොකරමු. ගැමි බෞද්ධයව පොළඹවනවා තමාගේ සහෝදර මුස්ලිම් ජාතියට එරෙහිව සටන් පෙරමුණක් හැටියට අවුලුවන්න. සත්තික කුමාරව අත්අඩංගුවට ගත්තා ආගමික භේදය ඇතිකිරිම ගැන. ගෝඨාභය රාජපක්‍ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ගම් දනව්වල කරන ආගමික පහත්කිරීම්, භේදකිරීම් ඇප නැති වරදක්. හිට්ලර් කළේ ඒකයි, පොල්පොට් කළේ ඒකයි. මහජන ඡන්දයෙන් ආපු ඒකාධිපතින් කළේ ඒකයි. පළමුවෙනි මැතිවරණ වේදිකාවෙම කියනවා මම බලයට ආපු හැටියේ සියලු දෙනා නිදහස් කරනවා. මොකටද අධිකරණයක්. කොහොද මේ රට යන්නේ. අපි එක්ව ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්න. එවිට මේ දේශපාලන මඩ ගොහොරුව මේ රටෙන් නැතිවෙලා යාවි“ යැයි ජනක එදිරිසිංහ මහතා පැවසීය.

     

    Last modified on අඟහරුවාදා, 12 නොවැම්බර් 2019 20:09

    Latest News