හෙරොයින් හා කේරළ ගංජා එක්ක 5කට මාංචු

නොවැ 07, 2019

    මන්නාරම, පෙරියකරසාල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ‍හෙරොයින් මිලිග්‍රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 2910 ක් ලඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් වයස අවුරුදු 26 ත් 39 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තලෙයිමන්නාරම, පේසාලේ සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙයි. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, හෙරොයින් සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 07:44

    Latest News