ජනපති අද පොළොන්නරුවේ වැඩසටහන් රැසක (වීඩියෝ)

සැප් 29, 2019

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය කරමින් වෙහෙරගල, කණිච්ඡාගල ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද පළමුව ජනාධිපතිතුමා එක් විය.

    විහාරාධිපති පූජ්‍ය ඇල්ලන්දේ සුගතසිරි ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පිබිදෙමු පෙළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 35 ක වියදමින් වැඩ නිම කෙරුණු ගල්එළිය ශ‍්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයේ සංඝාවාසය සඝ සතු කොට පූජා කිරිමේ අවස්ථාවට ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා එක් විය. ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ පැවති දානමය පුණ්‍ය කර්මයට ද සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට එක් විය. විහාරාධිපති පූජ්‍ය තැන්නලන්දේ උපාලි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.

    මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් රුපියල් ලක්ෂ 35ක වියදමින් වෙහෙරගල මහසෙන් රජමහා විහාරස්ථානයේ ඉදිකෙරුණු නව සංඝාවාස ගොඩනැඟිල්ල අද සඝ සතු කොට පූජා කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා දහම් පාසල් දරු දැරියන් විසින් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල බෙදාදීම, අඩු ආදායම්ලාභීන්ට නිවාස හිමිකම් ප‍්‍රදානය කිරීම ඇතුළු සුබසාධන වැඩසටහන් රැසක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි. විහාරාධිපති පූජ්‍ය අක්බෝපුර නාරද හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 19:58

    Latest News