හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විශ්‍රාමික සෙබළාගෙන් දින 7ක් ප්‍රශ්න කරයි

සැප් 09, 2019

    කුරුණෑගල නගරයේ හෙරොයින් ජවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා සහ තවත් අයෙකු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

    සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනුණේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.අනෙක් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ලබන 20 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 240ක් සහ රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑපන්දහසක පමණ මුදලක් සිය භාරයට ගත් බව පොලිසිය පවසයි. පොලිස් නිළ සුනඛයින් යොදා සිදුකළ පරික්ෂණයකදී මෝටර් රථයපැදවු සැකකරුගේ නිවසේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 07:39

    Latest News