ඩයිනමයිට් යොදා මාලු ඇල්ලූ සැකකරුට මාංචු

මැයි 20, 2019

    ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මසුන් කිලෝග්‍රෑම් 33 ක් එහි තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරු වයස අවුරුදු 22 ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය මඟින්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    මෙවැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය අභිජනන පරිසර පද්ධතිය, ඉතා කුඩා මත්ස්‍යන්, ජලජ ජීවීන් හා ජලජ පැලෑටි ද විනාශ වන බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

    Last modified on සදුදා, 20 මැයි 2019 11:06

    Latest News