සමගිය කඩන ISISට මුස්ලිම් ජනතාවගේ විරෝධය

මැයි 17, 2019

    ඉකුත් 21 වන පාස්කු ඉරිදා කතෝලික සිද්ධස්ථාන තුනකටත් තවත් ස්ථාන කිහිපයකටත් එල්ල කල බෝම්බ ප්‍රහාරය හමුවේ දැනට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවන චෝදනාවට විරෝධය පා ජන හමුවක් අද දහවල් පුත්තලම නගරයේ කළපු තීරයේදී පැවැත්විණි. 

    පුත්තලම නගර සභාව , පුත්තලම මහ පල්ලිය සභාව , උලමා සභාව ව්‍යාපාරික ප්‍රජාව අද සිකුරාදා ආගමික වතාවත් අවසන්ව, නෝම්බි අල්ලා තිබියදී පාගමින් පැමිණ මෙම හමුව පවත්වන ලදී. විදේශ බලවේගවලට මුවාවී ISIS නමින් සිදුකල මේ ප්‍රහාරය, මුස්ලිම් ප්‍රජාව මුලාවට පත් කල බවත් භිතියට පත් කර ලංකාවේ සමගිය නැති කල බවත් ඔහු කියා සිටියේය. අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ ගොඩට දැමීමට කටයුතු නොකරන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියේය. සියළු ශ්‍රී ලංකිකයන් හැටියට සියළු දෙනා සමගිව සිංහල ජනතාව සමඟ එදා ජිවත් වු අයුරින් ජිවත් විය යුතු බව ඉල්ලා සිටි.

    Latest News