මරණ බියෙන් ලොක්කෝ තෝරයි

පෙබ 08, 2024
    පාකිස්ථානයේ 12 වැනි මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඡන්දය ප්රකාශ කිරීම උදෑසන 8.00 ට ආරම්භ වුණා. ප්රාන්ත 4 ක පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්යාව මිලියන 128 ක්.

    මධ්යස්ථාන අනූදහස් 587 කදී ඡන්දය ප්රකාශ කෙරෙනවා. මැතිවරණය පැවැත්වෙන්නේ, මන්ත්රී ආසන 336 ක් වෙනුවෙන්.

    මෙවර මැතිවරණය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර බලුචිස්තානයේ බෝම්බ පිපිරීම් සිද්ධීන් දෙකක් වාර්තා වුණා. ඉන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
     
    මෙම තත්වය හමුවේ ප්රාන්ත හතරේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ නිසා ජනතාව දැඩි තැතිගැන්මකින් ඡන්දය භාවිත කරනු ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
     
    මැතිවරණය ජය ගැනීම නම් පක්ෂයක් මත්න්රී ආසන 134 ක් ලබා ගත යුතු වනවා. ප්රධාන තරගය පවතින්නේ නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සහ බිලාවල් භූතෝගේ පකිස්ථාන ජනතා පක්ෂය අතරයි.
     
    හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ජනප්රියත්වය ඉහළ මට්ටමක පැවතුනත් ඔහුට මැතිවරණයට තරග කිරීමට අවසර ලබාදී නැහැ.
    ඒ අනුව, හිටපු අගමැති නවාස් ෂරීෆ්ට අද පැවැත්වෙන මැතිවරණයේදී වැඩි වාසි අත්වනු ඇති බවටයි අනාවැකි පළවී තිබෙන්නේ.

    Latest News