අස්වැසුම නව අයදුම්පත් කැඳවීම හෙට

පෙබ 09, 2024
    නව අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතයි.

    ප්රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලැබෙන යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි, මුදල් රාජ්ය අමාත්යංශය සඳහන් කරන්නේ.

    මේ අතර ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළ නංවා තිබෙනවා.
     
    ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්රේල් මස 1 වැනිදා සිට ලබාදීමට නියමිතයි.

    Latest News