පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසන කළ 18ක් අල්ලයි

පෙබ 08, 2024
    පොදු ප්රවාහන සේවාවල දී ළමයින්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකළ අය ඇතුළු 42ක් ඊයේ (07) දිනයේ තුළ පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊයේ පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්රී 7.00 දක්වා මහජනතාව පොදු ප්රවාහන සේවය වැඩි පුර භාවිත කරන කාලය තුළ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට එක්ව සිටි බවයි, මහජන ආරක්ෂක අමාත්යාංශය සඳහන් කරන්නේ.

    මෙහිදී, පොදු ප්රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
     
    ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත් අනෙක් පිරිසට අයත්.

    Latest News