අවලෝකිතේෂ්වරට මානසික රෝගයක් ඇපමත නිදහස්

පෙබ 07, 2024
    අවලෝකිතේෂ්ව බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටියේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මහේස්ත්‍රාවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කළා.
    එම වෛද්‍ය වාර්තාවට අනුව සැකකරු රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් ඔහුට සායනික ප්‍රතිකාර අවශ්‍ය බවත් නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බවට මානසික වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
    එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය කරුණු දක්වමින්" මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. ඔහු මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා මෙම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි පැමිණිල්ල අපේක්ෂා කරන්නේ. කෙසේ වෙතත් බුදු දහමට අපහාස කිරීම සඳහා මෙවැනි පෙළඹවීම් සිදුකරන මූලධර්මවාදී සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කරනවා. මෙම සැකකරු අප මත මුදා හැරිම සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. " යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් වරයා මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලබන්නේ නම් ඉදිරියේ දී ජනතාව මුලා කරන ආකාරයේ සහ ආගමික නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන මෙන්ද ඉල්ලා සිටියා.
    ඒ අනුව අදාළ සැකකරු පියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කලා.
    අනතුරුව පැමිණිල්ල නැවත අප්‍රේල් මස 24 වනදා යලි කැඳවන ලෙසත් නියෝග කෙරුණා.
    Last modified on බදාදා, 07 පෙබරවාරි 2024 15:43

    Latest News