පාර්ලිමේන්තු නව සැසි වාරය අද ඇරඹේ

පෙබ 07, 2024
    9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරෙනවා.

    සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33 ව්යවස්ථාව ප්රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්රධාරී කුෂාන් ජයරත්න මහතා ප්රකාශ කළා.
     
    ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 70 වැනි ව්යවස්ථාව ප්රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව පාර්ලිමේන්තුව පසුගිය මස 26 වැනිදා වාර අවසාන කළ අතර, ඒ අනුව අද දින උත්සවාකාරයෙන් විවෘත කිරීම මේ අයුරින් සිදු කෙරේ.

    Latest News