බෙල්ලන්විල රන්දෝලි පෙරහර අද - ජාතික රූපවාහිනියෙන් සජීවීව

අගෝ 19, 2023

    ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයේ රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.

    ජාතික රූපවාහිනිය ඔස්සේ පෙරහර මංගල්‍යය  සජීවීව විකාශ කෙරෙනවා. පෙරහර මංගල්‍යය ආරම්භ කෙරුණේ, ඉකුත් 9 වැනිදා සිදු කෙරුණු කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුවයි. ඇසළ  පෙරහරේ රන්සිවිලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. එය නැරඹීමට සැදැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ, 73 වැනි වරටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා සහ මඟ පෙන්වීම පරිදි පෙරහර මංගල්‍යය පැවැත්වෙනවා.

    Latest News