පහළ වායු ගෝලයේ කැළඹීමක්

නොවැ 01, 2018

    දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලකුලින් බරව පවතිනු ඇති.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

    සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    මේ අතර, අකුණු සැර වැදීමෙන් පොතුවිල් පොලිස් වසමට අයත්, ජමාන්තුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

    තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස 5.00ට පමණ.

    මොවුන් දෙදෙනා වෙල් යායක වගා කටයුතුවල නිරතවෙමින් සිට ඇති අතර, එහි දී අකුණු පහර එල්ල වී තිබේ.

    ඔවුන් පොතුවිල් රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව අයෙක් මිය ගියේය. මියගොස් ඇත්තේ වෙල්ලමනල් පාර, පොතුවිල් 7 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලයකන්කසන්තුරය සහපුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිබලාපොරොත්තු විය හැක.

    මඩකලපුව සිට ත්‍රිකුණාමලයකන්කසන්තුරය,පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදුප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ. මෙම මුහුදුප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.

    Latest News